http://hsrd.yahoo.com/_ylt=Aq02AdZMKsqBplpEE0F4xtmbvZx4/RV=1/RE=1430379725/RH=aHNyZC55YWhvby5jb20-/RO=2/RU=aHR0cHM6Ly93d3cueWFob28uY29tLw--/RS=%5EADAlR4wVZq.3SGpWbcgEp2FVh7APUk-

Jun 17, 2011

ශ්‍රී රාවණ වංශය කිසිදා විනාශ කළ නොහැක.

The greatest нєℓα king of Lankapura (Sri Lanka)


මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ

[source]